Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

'සමහර ෆොටෝග්‍රැෆර්ස්ලාගෙන් මොඩ්ල් කෙනෙක්ට අයුතු යෝජනා තියෙනවා'

'සමහර ෆොටෝග්‍රැෆර්ස්ලාගෙන් මොඩ්ල් කෙනෙක්ට අයුතු යෝජනා තියෙනවා'

මම නිරූපණ ශිල්පිණියක් විදියට වැඩ කරනවා වගේම මගේම ව්‍යාපාරයකුත් කරගෙන යනවා. ඒක මැණික් සම්බන්ධ ව්‍යාපාරයක්. ඒ සම්බන්ධයෙන් වැඩිදුර හදාරන්න, ඒ කියන්නේ Gemology ඉගෙන ගන්නත් මගේ බලාපොරොත්තුව සහ කැමැත්ත තියෙනවා. ඒක මගේ ව්‍යාපාරයේ ඉදිරියට බොහොම වටිනවා. මේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ලේසියෙන් ගැහැණු ළමයෙක් ‍තෝරගන්න එකක් නෙවෙයි. ගොඩක් දුරට ශ්‍රී ලංකාවේ නම් මේ ක්ෂේත්‍රයේ ඉන්නේ පිරිමි අය. ඒත් මම මේ පැත්තට කැමතියි.


මම නිරූපණ ශිල්පිනියක් විදියට වැඩි වශයෙන් මේ දිනවල කරන්නේ ෆොටෝ ෂූට් තමයි. ඒත් මට ෆොටෝ ෂූට් එකකට ආරාධනා කරන ඕනෑම ඡායාරූප ශිල්පියෙක් එක්ක මම වැඩ කරන්නේ නැහැ. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ ඉඳලම බොහොම ‍තෝරා බේරා ගෙන තමයි වැඩ කරලා තියෙන්නේ. මම පටන් ගත්තු දවසේ ඉඳලා වැඩ කරලා තියෙන ෆොටෝග්‍රැෆර්ලා ගාණ මට නම් වශයෙන් කියන්න පුලුවන්. ඒ තරමට ‍තෝරා බේරා ගෙන තමයි මම වැඩ කරලා තියෙන්නේ.මම ෆොටෝ ෂූට් සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. හැබැයි හරිම අඩු ගොටෝග්‍රැෆර්ස්ලා ප්‍රමාණයක් එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ.


ඒ හැම කෙනෙක්ම බොහෝම ප්‍රොෆෙෂනල් අය කියන එකත් මම කියන්නම ඕන. මම මෙතෙක් වැඩ කරපු හැම කෙනෙක්ම සියයට සියයක්ම තමන්ගේ වැඩේ හරියට කරලා, වැඩේ තියෙන ප්‍රොෆෙෂනලිස්ම් එකත් ‍රැකගෙන හිටපු අය. මට එහෙම අය එක්කම වැඩ කරන්න ලැබෙන්න හේතුවක් තියෙනවා. මට ෆොටෝ ෂූට් එකකට ආරාධනාවක් ලැබුණොත්, මම මීට කලින් වැඩ කරලා නැති ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් මම මුලින් හොයලා බලනවා. එයාගේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල්, පෝට්ෆෝලියෝ බලනවා එයාට තමන්ගේ වැඩේ හරියට කරන්න පුලුවන්, ඡායාරූප ශිල්පය හරියට දන්න කෙනෙක්ද කියන එක. එහෙම විශ්වාසයක් ඇති වුනොත් මිසක්, මුදල් බලාගෙන මම වැඩ ‍තෝරගන්නේ නැහැ.


නිරූපණ ක්ෂේත්‍රයේදී ඡායාරූප ශිල්පීන්ගෙන් අයුතු බලපෑම් එල්ල වෙනවාද කියලා ඔයා අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා නම්, ඔව්: මේ ක්ෂේත්‍රයේ සමහර ෆොටෝග්‍රැෆර්ස්ලාගෙන් මොඩ්ල් කෙනෙක්ට අයුතු යෝජනා, අයුතු බලපෑම් තියෙනවා. එහෙම දේවල් සිද්ධ වෙනවා. ඔයා අහපු දෙවෙනි දේට උත්තරයක් දෙනවා නම්, ඒ දේවල් වලට මොඩ්ල් කෙනෙක්ගෙන් දායකත්වයක් ලැබෙනවා නම්, එහෙම නැතිනම් ක්ෂේත්‍රයේ එහෙම දේවල් වෙන්න මොඩ්ල්ස්ලාගෙනුත් වැ‍රැද්දක් තියෙනවා නම්, ඒ තමන්ගේ වෘත්තිය ගරුත්වය ‍රැකගෙන වැඩ කරන්න නොදන්න මොඩ්ල් කෙනෙක්ගෙන් විතරයි. ප්‍රොෆෙෂනල් මොඩ්ල්ස්ලාගෙන් එහෙම දේවල් වෙන්නෙ නැති තරම්. ඒ වගේම එහෙම වැඩ කරන්නේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර්ස්ලාත් නෙවෙයි. ගොඩක් දුරට ක්ෂේත්‍රයට අලුතින් එන, විශේෂයෙන්ම ඒ දේවල් බලාපොරොත්තුවෙන්ම එන අය අතින් තමයි එහෙම දේවල් වෙන්නේ. කොහොමත් මොඩ්ල් කෙනෙක් බුද්ධිමත්ව වැඩ කරනවා නම්, ප්‍රොෆෙෂනල් විදියට වැඩ කරන්න ඉගෙන ගෙන ක්ෂේත්‍රයට එනවා නම් ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ.


මම හිතන්නේ නෑ හිතේ ලස්සන විතරයි වැදගත් වෙන්නේ කියලා. මනුස්සයෙක් වුනහම හිත අනිවාර්යයෙන්ම ලස්සන වෙන්න ඕන. හැබැයි තමන් මොඩ්ල් කෙනෙක් වුනත් නොවුනත් කෙනෙක් ප්‍රියමනාප විදියට බාහිර ස්වරූපය පවත්වා ගැනීම ගැනත් හිතන්න ඕන. ඒකට සැලෝන් එකකට යන්න වුවමනා නෑ. තමන්ට තමන්ගේ ස්ක්‍රබ් එකක්, ෆේෂල් එකක් කරගන්න, මේක්-අප් එක කරගන්න පුලුවන් නම්, උදේට ජිම් එකට ගිහින් වර්ක්-අවුට් එක කරගන්න පුලුවන් නම්, තමන්ගේ ඇඳුම පැළඳුම පිළිවෙලට තියාගන්න, තමන්ගේ පිරිසිදුකම තියාගන්න පුලුවන් නම් අමුතුවෙන් සැලෝන් යන්න වුවමනා නැහැ. මොඩ්ල් කෙනෙක් වෙන්න වුවමනා නැහැ. ඉතින් මේ දේවල් නොකර හිතේ ලස්සන විතරයි වැදගත් කියන කතාවේ තේරුමක් නැහැ. 

Text – Pathum Punchihewa
Pix By – Malaka Weligodapala
[Saravita.lk]


No comments:

Post a Comment

Bottom Ad [Post Page]