ජනප්රිය ගායිකා දීපිකා ප්රියදර්ශනී පීරිස් ලබන අගෝස්තු 15 වැනිදා විවාහ දිවියට පා තැබීමට සූදානම් වන බව වාර්තා වේ.
දීපිකාගේ අත ගන්නේ මාරවිල ප්රදේශයේ බැංකු කරුවකු බවද පැවසේ.
ඔහු ගේය පද රචකයකු වන අතර දීපිකා ඔහුගේ ගීත ද ගායනා කර ඇති බව වාර්තා වේ.
විවාහයෙන් පසුව ඔහු සිය බැංකු රැකියාවෙන් ඉවත්ව බොරලැස්ගමුවේ පදිංචිවන්නට සැරසෙන බවද පැවසේ.
මෙය යෝජිත විවාහයක් බව පැවසෙන අතර ඔවුන්ගේ විවාහය විවාහ සැලැසුම්කරනු ලබන ආයතනයකින් සැලැසුම් කරන අතර විවාහයට ආරාධිතයන් 500ක් පමණ සහභාගිවනු ඇති බවද වාර්තා වේ.
ඇය සිය 51 වැනි උපන්දිනය සමරනු ලැබුවේ පසුගිය ජූලි 13 වැනිදාය.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් විමසීමට අප දීපිකා සම්බන්ධකරගත්ත ද ඒ අවස්ථාවේ ඇය කාර්යබහුල බවත් පසුව මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බවත් පවසමින් දුරකථනය විසන්ධි කළාය.
No comments:
Post a Comment