Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ නිරූපණ ලොක්කාට වැඩ වරදී.

මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ නිරූපණ ලොක්කාට වැඩ වරදී.

එක්තරා ප‍්‍රසිද්ධ ප‍්‍රචාරක ආයතනයක් මඟින් සිදු කළ නිරූපණ ශිල්පීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක දී දියණිය නිරූපිකාවක් කිරීම සඳහා මවකගෙන් අදාළ ආයතන ප‍්‍රධානියෙකු ලිංගික අල්ලස් ඉල්ලූ පුවතක් ගැන පිළියන්දල ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එහිදී අදාළ ආයතන අංශ ප‍්‍රධානියා ප‍්‍රසිද්ධ හෝටලයක නමක් සඳහන් කරමින් පවසා ඇත්තේ තමන් සමඟ අදාළ හෝටලයේ රැයක් ගත කිරීමට කැමැති නම් දියණියට නිරූපණ ක්ෂේත‍්‍රයට පිවිසීමට වරම් ලබා දෙන බවයි.

කෙසේවුවද මව අංශ ප‍්‍රධානියාගේ යෝජනාව සම්බන්ධයෙන් දැඩි විරෝධය දැක්වීමෙන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියා මාර්ග ගන්නා බව ද කියා තිබෙනවා.

එහෙත් අංශ ප‍්‍රධානියා පවසා ඇත්තේ තමන්ට විරුද්ධව කිසිවක් කළ නොහැකි බවත් යම් ලෙසකින් එසේ වුවහොත් තමන් සමඏ යහන් ගතවූ බවට අසත්‍ය පුවත් තමන් දන්නා හඳුනන මාධ්‍ය ආයතන හරහා ප‍්‍රචාරය කරන බවයි. එහිදී බියට පත්වූ මව තම දියණිය ද රැගෙන වහා අදාළ ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ඇය අපගෙන් ඉල්ලා සිටියේ මෙවන් දෑ මතුවටත් සිදු නොවීමට නම් ගම් නොපවසා සිද්ධිය පමණක් වාර්තා කරන ලෙසයි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]